Apply Now

2025 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම

  • ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ 2025 නව වසරේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම 01.01.2025 දින උදෑසන ආයතන පරිශ්‍රයේදී සිදුකෙරිණි.

          එහිදී දේශය වෙනුවෙන් දිවි කැපකල රණවිරුවන් සිහි කිරීම සහ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලදි.  

          එදින සවස සභාපතිතුමිය, අධ්‍යක්ෂ ජනරාල්තුමා, අධ්‍යක්ෂ(පුහුණු) මහතා සහ අධ්‍යක්ෂ (මෙහෙයුම්) මහතා වෙනුවට පර්යේශණාගාර අංශ ප්‍රධානී කුමාර මහතා 2025 නව වසර වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් කාර්ය මණ්ඩලය අමතන ලදී.

  •  2025 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීමට සමගාමීව සහ නව වසරට සෙත් පතා සේවක සුභ සාධක සමිතිය මඟින් සංවිධානය කරන ලද පිරිත් දේශනාව 01.01.2025 දින ආයතන ශ්‍රවණාගාර ෙය්දී පැවැත්විණි.

            අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ සියලුම සේවක මහත්ම මහත්මීන් සහ සිසු දරුවන් මෙම අවස්ථාවට සහභාගී වී ආශිර්වාද ලබා ගත්හ.