SLITA අභිමානී – 2021

ශ්රී ලංකා පේෂකර්ම සහ ඇගලුම් ආයතනයේ සේවක මණ්ඩලයේ සේවය ඇගයීම උදෙසා සංවිධානය කරන ලද “SLITA අභිමානී – 2021” උලෙළ, අද (මාර්තු 09) දින බතික් අත්යන්ත්ර රෙදි සහ දේශීය ඇගලුම් නිෂ්පාදනය රාජ්ය අමාත්ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන් ආයතන ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
දශක දෙකකට අධික කාලයක් ආයතනය වෙනුවෙන් සේවය සැපයූ මහත්ම මහත්මීන්ට උපහාර පිදීම මූලික අරමුණ කරගනිමින් ආයතනයේ
අධ්යක්ෂ ජනරාල් සරත් ප්රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව බතික් අත්යන්ත්ර රෙදි සහ දේශීය ඇගලුම් නිෂ්පාදනය රාජ්ය අමාත්යාංශ ලේකම් සහ ආයතනයේ සභාපති ජානක ධර්මකීර්ති මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය වූ මෙම උලෙළේ දී සේවක මණ්ඩලයේ සියලු දෙනා තම සේවා කාලය අනුව වටිනා ත්යාග සහ සමරු තිලිණ වලින් පිදුම් ලැබූහ.
අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම අවස්ථාවට සළුසල ආයතනයේ සභාපති ප්රදීප් ගුණවර්ධන මහතා, ජාතික මෝස්තර මධ්යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන මහතා, රාජ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් නන්දනී සමරවික්රම මහත්මිය , කර්මාන්ත අමාත්යාංශ අතිරේක ලේකම් සහ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික රoජිත් විමලසුරිය මහතා සහ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික සුරේශ් ඉන්දික මහතාද සහභාගී විය.
Click here for Photos